ටින් විසිල් (Tin whistle)

රුසියානු සුරංගනා පොත් කියවල තියෙන මගේ හිතේ ඒ කාලේ ඉදන්ම තිබුන අසාවක් තමයි ඒ කතාවල ඉන්න නලා වාදකයො වාදනය කරන විදිහේ බටනලාවක් වයන්න පුරුදුවෙන එක. මේක හිතේ තියාගෙන මම  හරියටම වසරකට විතර කලින් මම සිංගර් ආයතනයෙන් Recorder කියන සංගිත භාන්ඩය ගෙන්න ගත්තා. ගිටාරයට වගේම මේකටත් මගේ ගුරුවරයා උනේ ඉන්ටර්නෙට් එක තමා .ඒත් ටික දවසක් යද්දි මට තේරුනා මේක තනියෙන් ඉගෙන ගන්න අමාරුයි කියල ඒ පාර මම ඒ වැඩේ අතැරල දැමිම.

එත් පහුගිය දවසක යුටියුබ් එකේ ඩෙල් ස්ටුඩියො වැඩ සටහන බලනකොට මම දැක්ක හරිම ලස්සන නාදයක් නිකුත් කරන බට නලාවක් වාදන කරනව දැනට අසනිප තත්වයෙන් ඉන්න ප්‍රවින වයලින් වාදක රුවන් වීරසේකර මහත්මයා. මේ කලින් පාර වගේ මෝඩ නොවි මම මේ පාර හොදට හොයල බලල තිරනය කලා මට මේක හරියටම ගැලපෙනව කියල. 

මේකට කියන්නේ Irish tin whistle (ටින් විසිල්) කියල මේක මධ්‍යතන යුගයේ (රොබින් හුඩ් කාලේ) යුරෝපා රටවල සුලබව බාවිත වුන සංගිත භාන්ඩයක් . ඉතාම මියුරු නාදයක් නිකුත් කරනව වගේම වාදනය කරන්නත් හරිම ලේසියි විතරක් නෙවේ අන්තර්ජාලය පුරා විශාල වශයෙන් Titanic,load of the rings,game of throne,වගේ නිර්මානවල ඉතාම මිහිරි සංගිත ඛන්ඩවල ස්වර ප්‍රස්තාර( Tabs) ගන්න තිබුනා.

මම දෙපාරක් හිතන්නේ නැතුව ඊබේ එක හරහා ටින්විසිල් එකක් ගෙන්නගෙන වාදනය කරන්න පුරුදු වුනා තමන්ම ඉගෙනගෙන මෙකෙන් අර වගේ සංගීත ඛන්ඩයක් වාදනය කරනකොට දැනෙන ආත්මිය හැගිමනම් වචනයෙන් කියන්න පුලුවන් එකක් නෙවේ ඒක ඒතරමිම ආනන්ද ජනකයි... පහල ඉන්නේ ඉතාම අපුරුවට ටින් විසිල් එක වාදනය කරන අයිය මලෝ දෙන්නෙක්

(ඉක්මනට ඉගෙන ගන්න ආසනම් ඉන්බොක්ස් පාරක දාන්න)

නාගරික සිතුවම් කලාව නොහොත් Urban sketching

මම පෞද්ගලිකව කොහොමත් සිත්  නිවන කලාවන්ට ලැදි අයෙක් නිසා අන්තර්ජාලය තුලින් Crafts (අත්වැඩ), ගෙවතු අලංකරණය, විසිතුරු පැල වැවීම වැනි මාතෘකා ඔස්සේ ඇති විවිධ ලිපි නිතර සෙවීමත් වෙලාවක් ලද හැම විටකම එවැන්නක නිරතවීමටද උත්සහකරන අයෙක්. පසුගිය දිනවල මගේ අවධානයට යොමු වී තිබුනේ කාටුන් චිත්‍ර ඇදීම කෙරෙහිය .අන්තර්ජාලය ඔස්සේ මේ ගැන ලියැවුන ලිපි ගනනාවක් අධ්‍යයනය කිරීිමෙන් පසු කරන ලද  අසාර්ථක උත්සහයන් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස කාටුන ඇදීමේ අදහස සිතින් අත්හැර ගත්තෙමි. කෙසේ නමුත් මේ ලිපි සොයන අතරතුර වැඩි දෙනෙක් අවධානය යොමු නොකරණ ඉතා අකාර්ශණීය සිතුවමි කලාවක් පිලිබදව මට දැනගැනීමට හැකිවිය. ඒවා ඕනැම කෙනෙකුට නිදහස් අතින් ඇදිය හැකි සරල සහ වක්‍ර රේඛාත් කටු ගෑමි වලිනුත් සමන්විත විය. එමෙන්ම එවැනි චිත්‍ර රාශියක්ද මට අන්තර්ජාලය තුලින් දැකගැනීමට හැකිවිය.

එ ලිපිබද කියැවීමේදි මට දැනගැනීමට ලැබුනේ එම නිර්මාණ සෑම එකක්ම පාහේ විවිධ තුඩ ප්‍රමාණයන්ගෙන් යුතු පෑන් වර්ග වලින් අදින එවා බවයි. එපමණක් නොව එය විදේශ රටවල විශේෂයෙන්ම තරුණ පරපුරේ අය විනෝදාංශයක් ලෙස කරන කටයුත්තක්ද බවයි .මෙම කලාව නමින් Urban Sketching ලෙස හදුන්වයි Urban යන්නෙහි අරුත නාගරික යන්නයි Sketching යනු සරල සටහනන් ඇදීමයි .මෙම Urban Sketching නැතහොත් නාගරික චිත්‍රකලාව කිසිලෙසකත් සංකීර්ණ මිනිස් හැගීමි විදහා දැක්වෙන චිත්‍ර ඇදීමට භාවිතයට ගැනීමට නොහැකිය .වචනයේ අර්ථයෙන්ම මෙයින් කල හැකි වන්නේ අවට පරිසරයේ විවිධ කොටස් සහ බාහිර මිනිස් හැසිරීමි කලාත්මකව සිතුවමට නැගීමයි. මේවායිනුත් බොහෝමයක් චිත්‍ර විවිධ රටවල නගර සහ ගොඩනැගිලි ඇදීමට භාවීතාකරන බව මා ඒ පිලිබදව කියැවු ලිපි වල සදහන් විය .

ඒ Urban Sketching වල කතාවයි. ඒ කතාව එසේ නමුත් එවැනි චිත්‍ර ඇදිමේ ආශාවක් බොහෝ කලක් තිස්සේ මගේ හිතේ නලියමින් තිබුනකි. මීට වසරකට පමණ පෙර මා කිසිදු දැනුමකින් තොරව ඇන්ද එවන් කටුබොටු චිත්‍රයක් පිලිබදව ලිපියක්ද මෙහි දැමීය. කෙසේ නමුත් වසරකට පසුව මා දැන් එම කලාවෙන් මුල් අවධියට වඩා තරමක් දුරට සංවර්ධනය වි ඇති බව සතුටින් කිව හැකිය. නිකම්ම නිකං කලුපෑනකින් Sketch ඇන්ද මට එය වඩා සාර්ථකව කල හැක්කේ Gel පෑනකින් බව ප්‍රත්‍යක්ශ විමත් සමග මම අදින ස්කෙච් වල තිබු ලදරු භාවය තරමක් දුරට අඩුවි යමින් තිබෙනු බව පෙනුනි. එයට ලොකු තුඩක් ඇති කලු සහ අලු ප්ලැටිග්නමි පෑන්ද පසුව මා එක් කරගත් පසු ඒවා මා ඇන්ද ඒවාද යන්නත් පිලිබදව මට සැකයක් ඇතිවිය .

මෙවන් නිර්මාණ පලපුරුදු චිත්‍රශිල්පියකුට හෝ මේ පිලිබද උගත් අයකුට ඉතා පහසුවෙන් කල හැකි දෙයක් විය හැකි උවත් එය මට ඉතා වටින්නේ මා ඒ පිලිබදව මෙලෝ හසරක් නොදැන කාට නැතත් මටම තෘප්තිමත් විය හැකි තරමේ නිර්මාණ දැන් මටම කරගත හැකි මටිටමක සිටින නිසාය .තව ඉගෙනීමට ඇති දේවල්ද බොහෝය.  තවත් දෙයක් කිව යුතුය. මේ කලාව ඉගෙනීමට මහ ලොකුවට අත්හුරු කර ගත යුතු නැත තමන් නිදහසේ ඉන්න වෙලාවට ජෙල් පෑනක් එක්ක කඩදාසියක් අරන් තමන් ඉන්න පරිසරයේ Sketch එකක් අදින්න උත්සහ කරන්න. එතකොට තමන්ට තේරෙනවා එතන ජායාරූපයක් අරන පස්සෙ බලනවට වඩා කොයිතරමි තෘප්තියක් ලැබෙනවද කියල .මේ පහල තියෙන්නේ ඒ වගේ නිර්මාණ තමයි.

(මෙය මා විසින්  දැනට භාවිතයේ නොමැති මගේ වෙනත් බ්ලොග් අඩවියක මිට වසර එක හමාරකට පමන පෙර තබන ලද සටහනකි Re-post හින්දා කමා කරනු මැන)


ලාංකිකයින්ට අවශ්‍ය සමාජමාධ්‍ය (Social media we need)

සමාජ ජාල (Social network) සහ සමාජ මාධ්‍ය (Social media) යනු දෙකකි සමජ ජාල යනු සමාජ මාධ්‍යන්හී ඇතුලත් එක් අංගයක් පමණි .සමාජ මාධ්‍ය යන්නට (Facbook,Twitter,Blogger,Youtube පමනක් නොව අන්තර්ජාලය ඔස්ගේ විවිධ දේ හුවමාරුකරගත හැකි Dropbox වැනි සේවාවන්ද ඇතුලත් කල හැකිය. අපට සමාජජාල වඩාත් සමීප වීමට පටන්ගත්තේ 2010 වර්ශයේ පටන්ය. එහි ප්‍රධානම අංගය වුයේ සීග්‍රයෙන් වර්ධනය වු Facebook සමාජ ජාලයයි එය යම් ලෙසකින්  මැනිය හැකි ක්‍රමවේදයක් තිබුනේ නම් සමාජිය හා දේශපාලනික වශයෙන් ලාංකික සමාජයට ෆේස්බුක් හරහා කල බලපෑම කොයිතරමි අතිමහත්ද යන්න අපිට දැනගැනීමට හැකිය. සමාජමාධ්‍යක් වශයෙන් ලංකාවේ සුලබව භාවිතාවන Blogger සහ Youtube හරහා දකින කියන දේවල යම් සාධනිය ලක්ශන දැකිය හැකි නමුත් අති බහුතරයක් දෙනා භාවිත කරණ ෆේස්බුක් සමාජජාලයේ භාවිතය එතරම් සාධනීය නැත.සරලව කිවහොත් එය රටතොටේ ගොසිප්,කුනුකන්දල්,අනුන්ගේ වේදනාවන්,පෞද්ගලික මතිමතාන්තර,බැනුම් ,අපහාස සහ ඉතා ස්වල්පයක් හොද දේවල් New feeds ලෙස යාවත්කාලීන වන සින්ඩිකේටරයකි. ජංගම දුරකතන ඔස්සේ අන්තර්ජාල සබදතාව ඇති අති බහුතරයක් ලාංකිකයින් ඉන් ගැනීමට දන්නා එකම ප්‍රයෝජනය ෆේස්බුක්යාම පමණි. සියල්ලන් Instagram ,Facebook මත එල්ලී සිටිනවා හැරෙන්නට අන්තර්ජාලය ඔස්සේ නව වගාක්‍රමයක්,අලුත් රැකියා අවස්තාවක් හෝ දහසකුත් එකක් නව ව්‍යාවසායන් ගැන සොයා බැලීම උගහටය, ඒ ලාංකිකයින්ගේ අන්තර්ජාල භාවිතාවයි .

එය එසේ වෙද්දෙන්. මා කියන්නට පැමිණි කාරණය ෆේස්බුක් වලට වඩා වැදගත් එකකි. ඒ මා කලක් තිස්සේ භාවිතාකරන ලද හා ඒවායේ වටිනාකම හොදාකාරවම ප්‍රත්‍යක්ශ කරගත් තවත් වෙනස් ආකාරයේ සමාජ මාධ්‍යන් දෙකක් ගැනය. ඒ Pinterst හා StumbleUpon යන දෙකයි. මේවා බටහිර රටවල සුලබව බාවිතා කරන අතර මේවා මා විසින්ද වසර කිහිපයක් තිස්සේ භාවිතාකරන්නකි .මේවා හැදින්වන්නේ Social bookmarks යන නමින්ය. මේවා ක්‍රියාකාරීත්වයෙන් බ්ලොග් සින්ඩිකේටරයකයට සමානවන අතරම ලොවපුරා සිිටින අන්තර්ජාල පරිශීලකයන් තමන් පිවිසි ඉතා වැදගත් යැයි හැගෙන වෙබ් අඩවිවල සදහන් විවිධ ලිපි උප ප්‍රවර්ග ගනනකාවක් යටතේ සටහන් කර තැබීම මෙහිදී සිදුවේ. උදාහරණයක් ලෙස Stumbleupone වෙබ්අඩවියෙහි විවිධ මාතෘකා 350 ක් පමණ යටතේ ඇති ඉතා වැදගත් ලිපි සහිත වෙබ් පිටු මිලියන ගනනක ලින්ක් ගබඩාකොට ඇත. මෙහි ලියාපදිංචි වී ඇති සමාජිකයන් එකිනෙකා සමග සම්බන්ධ වෙමින් තමන් විසින් කියැවු වෙබ් පිටුව සිය අනිත් සාමාජිකයින් සමග බෙදාගෙන දැනුම හුවමාරුකර ගනී.

මෙහි දැක්වෙන්නේ StumbleUpon හි ඇති විවිධ ලිපි ප්‍රවර්ගකර ඇති සංඛ්‍යාවයි. කොයි තරම් පරාසයක් යටතේ අන්තර්ජාලයේ සටහන් වැදගත් ලිපි සොයාගත හැකිදැයි ඔබට සිතාගත හැකිද?. අනිත් කාරණය නම් මගේ අත්දැකීම අනුව මෙහි යමක් සොයාගැනීම Google හි Keyword එකක් දමා යම් දෙයක් සොයනවාට වඩා ඉතා සඵල දායකයි (Effective) . Pinterest වෙබ් අඩවියද මේ හා සමාන එකකි. එය නම් කර ඇත්තේ Catalog of ideas යන නමින් වන අතර විවිධ මාතෘකා යටතේ තමන් කැමති විශයක් ගැන කන්ඩායම් වශයෙන් සාකච්ජා කිරීමට සහ ලිපි හුවමාරුකර ගැනීමද මෙහිදී සිදුවේ.මේවා සමාජ අඩවි වන්නේ මේ මිනිස් සම්බන්ධතාවය නිසාය.මේ ලිපිය ලිවීමට සිත්වුයේ තාමත් ශ්‍රිලාංකිකයින්ගේ අති බහුතරයක් මේවැනි සමාජ මාධ්‍යන් ගැන නොදන්න නිසාය Google trends හි මා කල සොයා බැලීිම අනුව එය වඩාත් පැහැදිලි විය. ඉතින් අපට දැන්වත් හැකිනම්  ෆේස්බුක් හී කුනුකන්දල් සෙවීම වෙනුවට මේ  සමාජ බුක්මාර්ක් අඩවි වල යම් දෙයක් සෙවීමට එය වඩාත් සඵල දායක වනුයේ රටේ අනාගතයටයි. 


(ප්‍රස්තාරයේ නිල් පැහැයෙන් දැක්වෙන්නේ Facebook භාවිතය වන අතරම කහ සහ රතු පැහැයෙන් දැක්වෙන්නේ සමාජ බුක්මාර්ක් භාවිතයයි)

Dr.අමිත් මුනීන්ද්‍රදාස ගැන ආයෙත් කියවමු

අපේ ලාංකිකයන්ට විශිෂ්ඨ දෙයක අගය වැටහෙන්නේ එය අහිමි කරගත් පසුය .සතුව තිබෙන කාලය තුල නොසලකා හැරීමටත් අහිමි වු පසු ගුණ ගැයීමටත් අපි තරමි දක්ශයින් තවත් නැති තරම්ය. කෙසේ නමුත් පසුව හෝ අගය වටහා ගෙන ගුන ගෞරව දැක්වීමට අගය කල යුත්තකි. පසු ගිය දිනෙකදී කලකට පෙර අප අතරින් වෙන් වී ගිය තරුණ අති දක්ශ මිනිසෙක් ගැන අන්තර්ජාල පුවත් අඩවියකත් මුහුණු පොතෙත් කතාබහට ලක්විය .මුහුනු පොතේ ඇති දිනියස් එකතුව (Genius club) නම් කන්ඩායමේ සාමාජීකයකු අසා තිබු පැනයක් නිසා ඔහු ගැන නැවතත් මේ කතා බහ ඇතිවු බව මගේ හැගීමයි .මා සිතන පරිදි තවමත් ලාංකිකයින්ගෙන් බහුතරයක් එතුමා ගැන නොදනී .වර්ශ 2007 දී ඔහුගේ මරණයෙන් පසු Sundaytimes පුවත්පත විසින් ඔහුව හදුන්වා තිබුනේ මෙසේය 
The nation mourned the death of Dr. Amith Munindradasa last month. While the portrayal of him as a ‘top defence expert’ was exaggerated to a point of controversy, Dr. Munindradasa was certainly not a run-of-the mill individual who could be stereotyped. He was a practical engineer; an amazing theorist; skilful technician; wildlife enthusiast; ardent philanthropist; eccentric inventor; well-read scientist; passionate photographer; remarkable cook.; creative teacher; dutiful family man; humble soul and truly independent being.
ඉතින් ඔහු ගැන කියන්නට තවත් වචන තිබේද. කලකට පසු හෝ ලාංකිකයිනට මතක් වු මෙම මිනිසා ගැන බිලොග් සටහනක් තබන්නට සිතුවේ මේ නිසාය. උත්සහයෙන් කුමන තැනක් ලැබුවද සැබැ ජයග්‍රහකයකු ලෙස තරගය අවසන්කල ධාවනශුර කරුණානන්ද ගැන ජපනුන් ජපන් දරුවනට උගන්වන බව මා අසා තිබේ ජපනුන් දැනගත්තද තවමත් අපේ මිනිසුන් කරුණානන්ද ගැන දන්නා වත්ද යන්න සැක සහිතය .දැන්වත් මහාසේවාවක් අප රට වෙනුවෙන් කර නිහඩව වෙන්ව ගිය මෙහු කවුරුන්ද යන්න අපේ මතුපරම්පරාවලට හෝ කියා දීම අපිට ඔහුට කලහැකි එකම ගෞරවයයි.

ප්ලාස්ටික් නැවත භාවිතයට ගැනීම

මට මේ ජායාරූප පෙල  මගේ සුපුරුදු Stumbleupone වෙබි අඩවියේ සැරිසරන ගමන් අහමිබෙන් හමිබවුන ඒවා ටිකක් .ඉවත දාන දෙයින් අපි ටිකක් නිර්මාණශීලි විදිහට හිතුවනමි කොයිතරමි ලස්සන නිර්මාණයක් කරන්න පුලුවන්ද කියන එක පැහැදිලි කරන්න හොදම උදාහරණයක් මේක.

ප්ලාස්ටික් කියන්නේ අද වෙනකොට මේ නවීන ලෝකයට නැතිවම බැරි වගේම අනිත් පැත්තෙන් මුලු ලෝකයටම ගැටලුවක් වෙලා තියෙන නිශ්පාධනයක්. විද්වතුන්ගේ මතය අනුව නමි ප්ලාටික් භාවිතය අවම කර ගැනීමට තියෙන වඩාත් සාර්ථකම විදිහ තමයි ප්ලාස්ටික් ප්‍රතිචක්රීකරණය කිරීම. මේකෙන් විශේෂයෙන්ම ප්ලාස්ටික් භාන්ඩ උනුකරල නැවත ප්ලාස්ටික් නිශ්පාධයක් නැවත කරනවට වඩා තමන් සතුව දැනට තියෙන ප්ලාස්ටික් නිශ්පාධනය වෙනත් අරමුනක් සදහා නැවත භාවිත කිරීම වඩාත් පරිසර හිතකාමි අකාරය කියලයි කියන්නේ මොකද මේවා උනුකරන නැවත නිශ්පාධන කරනකොට පසට වෙන්න තිබිබ බලපෑම ඊලගට යන්නේ වායුගෝලයට.

ලෝකයේ වැඩියෙන්ම ප්ලාස්ටික් නිශ්පාධන භාවිත වෙන්නේ අමරිකාව රැසියාව චිනය වගේ දියුනු රටවල මේ නිශ්පාන අතරින් වැඩිම ගනනක් වෙනත් නිශ්පාධන වල ඇසුරුමි ලෙස එන ඒවා. Eco Watch වෙබි අඩවියේ සදහන් වන ආකාරයට අපි භාවිතාකරන ප්ලාස්ටික් වලින් 50% ප්‍රතිශතයක් අපි එක් වරක් භාවිතා කරල අහක දානව .ඇමරිකානුවන් වසරකට ප්ලාස්ටික් බෝතල් පමනක් බිලියන 35ක් විතර පරිසරයට මුදාහරිනව .ඒ වගේම වසරකට මුහුදු පක්ශීන් මිලියනයක් හා තවත් මුහුදු ජිවින් ලක්ශයක් පමන ප්ලාස්ටික් හින්ද මියයනව කියලත් හදහන් වෙනව.

මේ ඉතාම සුලු සාධක කිහිපයෙන් අපට ඉදිරියෙදි එන මාරක ගැටලුව ගැන අවබෝධ කරගන්න පුලවන් කොහොම උනත් ප්ලාස්ටික් නැවත භාවිතගැන ගන්න පුලුවන් ලස්සනම උදාහරණයක් නිර්මාණශිල්පී Grath Bristman විසින් කරල තියෙනව එකතුකරගත්ත ප්ලාස්ටික් බෝතල් වලට වර්නගැන්වපු වතුර එකතුකරල නිර්මාණයකරපු සෙවන ස්ථානයක් තමයි. මේ තියෙන්නේ ප්ලාස්ටික් කතාව කොහොම උනත් නිර්මණශිලිත්වය ගැන හොද අදහසක්