02 April 2017

අමීන් සිංහලද?

පහු ගිය දවසක මම මගේ සහෝදරියගේ නිවසට ගොඩ වැදුනේ ටික දිනෙකින් නොදුටු ඔවුන් දෙපලත් කුඩා පුතුත් දැකීමේ අදහසින්. නිවසට ගොස් සෝෆාව මත පහසුවෙන් හිදගත් මම අක්කාත් අයියාත් සමග ආගිය තොරතුරු විස්තර කතා කරමින් සිටින අතරතුර සෝෆාවට ඉදිරියෙන් තිබු ස්ටුලය යට තිබු පුවත්පත් කිහිපයක් ගෙන තැනින් තැන බලන්නට පටන්ගතිමි. මේ අතර එක් පුවත්පතක තිබු ලිපියක් මම ඉතා උනන්දුවෙන් කියවීමට ගතිමි.

මගේ මතකයේ හැටියට එය තිබුනේ මා අතට ගත් පුවත් පත් ගොන්න අතර තිබූ කාන්තා පුවත්පතක පිටුවකය. එම ලිපියෙහි සදහන් වුයේ අලුත උපන දරුවන්ට තැබිය හැකි සිංහල නම් පෙලක් වන අතර එය කීර්තිමත් ශ්‍රි ලංකිකයෙකු වු අරිසෙන් අහුබුදු මහතාගේ දියනිය වන සමන්ති අහුබුදු මහත්මිය විසින් සකසන ලද්දකි. මෙහි සදහන් සමහර නම් දැකීමෙන් මම තරමක් පුදුමයට පත්වුනේ ඒවායෙන් සමහරක් අපි අසා ඇති ග්‍රීක සමිප්‍රධායේ නම් ලෙසින් වීමයි. 

එහි සදහන් වු පරිදි ඒවා ඉපැරණි සිංහල නම්ය. මට ඒ ලිපි පෙලහි නම් සටහන් තබා ගැනීමට නොහැකි වුන නමුත් මේ කාරණය මතක තබාගෙන මම අන්තර්ජාලයේ මේ ගැන විපරමි කර බැලුවෙමි. ඒ අනුව මට තවත් එැවැනි නම් කිහිපයක් සොයාගැනීමට හැකි විය. පහත දැක්වෙන්නේ ඒවායින් කිහිපයකි
රහුල්- රසඋල්පත           සුබාජා - භාග්‍ය
අමින්- නායක                බිවෝන්- උතුම්,මුල්පෙල
ඩියෙන්කා- යහපත්        ඩෙනිත් - ඉතා නුවනැති

එහි අපි අසා ඇති ලාංකික හුරුවක් ඇති සිංහල නම් මෙන්ම මෙවැනි බටහිර සහ මුසල්මානු හුරුවක් ඇති ඉපැරණි සිංහල නම්ද ඇත.මේ ස්වල්පයක් උවද තවත් මෙවැනි  නම් ගනනාවක් පැවතිය හැකිය

යුගයෙන් යුගයට නම් වෙනස්වීම ලෝකයේ සෑම ජනසමාජයකම දැකිය හැකි මුත් ඉතාම කෙටි කාල ප්‍රාන්තර තුල (කෙටි යුග) තුල නම් වෙනස්වීම ලංකාවේ දැකිය හැකි ලක්ශණයකි .බටහිර රටවල් වලත් අරාබි කරයේත් සියවස් ගනනාවකට පෙර භාවිත කල නම් අද උපදින ලදරුවන්ගේද නමි බවට පත්වේ .

මා සිතන පරිදි අපේ සීයල අත්තල බහුතරයක් භාවිත කල උක්කු බංඩ කිරිබංඩ මෙන්ම සිමියොන් චාර්ලිස් වැනි නම් එකට ලදරුවන්ට තැබුනේ නිශ්චිත නාම ක්‍රමයක් නොපැවතීම නිසා හෝ ඒ ආසන්න කාලයේ ලංකාව පාලනය කල බටහිරයන්ගේ නම් වල ආභාශයෙන් බව සිිතිය හැකිය. ඉන් පසු පරමිපරාවේ විජය අජන්ත සුනේත්‍රා කමලා වැනි 50 ගනන්වල යුගයේ නම් සහ  ඉන්පසු 70 සහ 80 දශකයේ නම් එකල ලංකාවේ ජනප්‍රිය හින්දි චිත්‍රපට සහ ඒ ආශ්‍රයෙන් ලංකාවේ නිපදවු සිංහල චිත්‍රපට නිසා ලැබු බව සිතිය හැකිය.  කෙසේ නමුත් මෙහිදී වැදගත් කාරණයයි මා සිතන්නේ මෙවැනි බටහිර සහ මැදපෙර දිග ආරේ වචන ලංකාවේ පැවතියේ කොයි කාලයේද සහ මෙවැනි වචන අපි දන්නා ඉතිහාසයෙන් ගිලුනේ කෙසේද යන්නයි .

කෙසේ නමුත් ශානක ප්‍රනාන්දු ෆේස්බුක් මිතුරා විසින් එයට එක්කර තිබු මා මීට පෙර අසා නොතිබු ඉතා වටිනා ගීතයක්ද ඔබට එකතු කරමි. බලන්න ඔබ මෙය අසා තිබෙනවාද කියා

No comments:

Post a Comment