13 April 2017

ගංජා ගසන්නන්ගේ සංගමය (Proud stoners)

පසුගිය දිනෙක ෆේස්බුක් හී දිනියස් එකතුව සංගමයේ සාමාජිකයකු අසා තිබු පැනයකට පිලිතුරු වශයෙන් එක් සහෟදයකු විසින් දමා තිබු කොමෙන්ටුව තිබු සැබැදියක් (Link) එකක් හරහා මම වෙනස්ම තාලේ ෆේස්බුක් එකතුවකට (Facebook group) සම්බන්ධ විය.

මේ ග්රූපය පුරාම ගංජා පානය පිලිබදව සාකච්චාවන් පුරසාරමි වලින් කිසිදු අඩුවක් නොවුන අතර ගැහැනු පිරිමි බේධයකින් තොරව අවුරුදු දහ නවයේ විස්සේ ගැටිස්සියෝද තමන් ගංජ සුරුටිටුව ඔතා ගන්නා තැන සිට සිට දුම් පිට කරන තැන දක්වා වු පුරාජේරු සහිත video clips ද බොහෝ තිබුනි .කොටින්ම කිවහොත් මෙය ගංජ ගසන්නන්ගේ සංගමයකි.

මෙම සමූහයේ නම Proud stoners ය .නැතිනම් සිංහලට හැරවු පසු අභිමානවත් ගල්කාරයන්ය. සුප්‍රකට නාගරික ශබ්ධකෝශය අනුව සැබැවින්ම Stoners යන්නෙහි අර්ථය ගංජා පානය මගින් ලෝකයේ ඇති සියලු ප්‍රශ්න වලට උත්තර සොයන පිරිසක් යන්නයි .

මාත් කිහිපවරක් දේශීය ගංජා සහ KG ලෙසින් හදුන්වන කේරල ගංජා නැතහොත් කේරල ගෝල්ඩ් පානය කර ඇතත් සෝමාලියාවට පාන් වැටුනාසේ එක සුරුට්ටුව දුසිමක් පමණ පානය කිරීමට සැදී පැහැදී බලා සිටින නිසා මා සිතන පරිදි එහි නිවැරදි පදමට තාමත් මට වැදී නැත. කෙසේ නමුත් අත්හැරීමකින් තොරව එම සංගමයට බැදී සිටීමට මම තීරණය කලෙමි.

1 comment:

  1. දිනියස් එකේ කෙනෙක් එහෙනන්... ගංජා ගැන කිහිපවතාවක්ම මම දිනියස් එකේ කියලා තියෙනවා...

    ReplyDelete