03 April 2017

ජේසු ටාසන් උන හැටි ( How jesus became tazan)

ක්‍රිිස්තියානි ආගමේ නාට්‍ය වල  තියෙනවනේ සුප්‍රකට ජවනිකාවක් අර ජේසුස් වහන්සේට ඇන ගහන්න පාර දිගේ කුරුසයක් කරේ තියාගනෙ කටු ඔටුන්නත් එක්ක යන දර්ශනයක්. ඔන්න ඔය දර්ශනෙන් පස්සේ තමා ජේසුස් වහන්සේ කුරුසෙට තියල ඇන ගහන දර්ශනේ පෙන්වන්නේ .ඔන්න එක්තරා රටක මාර්ගයක් දිගේ මෙන්න මේ කොටස පෙන්වමින් මාර්ගයේ නට්‍ය කන්ඩායමක්  ගමන්කරනව.

කඩුවක් අනිත් පැත්ත හැරෙවුව තරමි උස කුරුසයක් උඩ ජේසුස් වහන්සේට රග දක්වන කෙනා ඉන්න ගමන් මොකක් හෝ ආධාරකයක් මත ඒ කුරුසය රදවල ඉදිරියට ගමන් කරවමින් තිබුනා. ඒත් එක්කම මේ ආදර්ශ කුරුසේ සමබරතාව ආරක්ශා කර ගන්න කියල තවත් පිරිසක් කුරුසේ වටේට කඹ කිහිපයක් සමිබන්ධ කරල බිම ඉදන් අල්ලගෙන යනව .නාට්‍ය කන්ඩායම ගමන් කරනව. හේවායේ කෑගහනව. ජේසුට බනිනව .ජේසු බොහෝම වේදනාවෙන් වගේම කරුනාවෙන් වේදනාව දරාගෙන ඉදිරියට යනව. පාර දෙපැත්තේ ඉන්න සැදැහැවත් මිනිස්සුන්ගේ ඇස් සැබෑම ජේසුට ඇති භක්තියෙන් පිරිල ගිහිල්ල. ඊලග තප්පරේ සිද්ධ වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක් එක පාරටම සමබරතාබ බිදිල කුරුසේ ඇලවෙන්න ගත්තා .ඒත් එක්කම බිම ඉදල අඩි 25ක විතර තරමි උඩක රදවල හිටපු ජේසු කුරුසෙත් එක්ක වැටිල චප්ප වෙන්න කලින් දේවපුත්‍ර භාවය අතැරල ආධාරකයක් විදිහට තිබුන කඹේක එල්ලිල රු......න්ං ගාල බිමට ආව. හරියට  ටාසන් වගේ. අනූ නමයෙන් මනුස්සය චප්ප නොවී සරමත් නොකැඩි බේරුනා .එතන බලන් හිටපු සැදැහැවත් මිනිස්සුන්ගේ මුලු ෆීලින් එකම එතනින්ම ඉවරයි. 

මේ කතාව කියනකොට ඇතමෙකුගේ සිත රිදෙන්න පුලුවන් බව ඇත්ත. ඒත් මිනිස්සු දැනගන්න ඕන ආගමික ශාස්තෘවරුන්ට ගරුබුුමන් දක්වනකොට ඒක උනත් පරෙස්සමෙන් කරන්න. නැත්තමි ගෞරව කරන්න ගිහිල්ල අන්තිමේදි වෙන්නෙ අගෞරවයක්මයි.  දවසක මුහුනු පොතේ කරක්ගසමින් ඉන්නකොට මට දකින්න ලැබුන GIF පින්තුරයක් තමා මේ පෝස්ටුවට පාදක වුනේ. 

මේක බැලුවට පස්සේ මට මේක මතක්වෙන මතක්වෙන සැරේට කොයිතරමි හිනාගියාද කියනවනම් ඉතාම අමාරුවෙන් හිනාව දරාගෙන ඉදලත් මුදල් කවුන්ටරේට ආපු සමහර ගනුදෙනුකරුවොන්ට ඒක මගේ මුහුනෙන් පෙනිල හිතවත් අය කිහිප දෙනක්ම ඇහුව මොකක්ද සිද්දිය කියල .මම ඉතින් සිද්ධ්ය කියන්න ගියේ නැ පස්සේ මුලු කතාවම ටිකක් හොයල බැලුව .ඇත්තටම මට හිනාගියේ කුරිරු යුගයක හිටපු සැබෑම අවිහිංසාවාදියකු වුන  ජේසුස් වහන්සේට මගේ හිතේ ඇති අගෞරවයක් නිසා නෙවේ මේ මිනිස්සුන්ගේ මෝඩ වැඩවල තරම නිසා .

1 comment:

  1. අද කාලෙ ගොඩක් මිනිස්සු ආගමේ හර පද්ධතියට තැනැක් නොදී ආගමික ලේබල් එකට තැනක් දෙනවා... ආං එතනයි මිනිස්සුන්ට වැරදුනේ...

    ReplyDelete