16 April 2017

පේලි දෙකේ හොල්මන් කතා (Two sentence Creepy stories)

මම මහ රෑජාමේ ඇහැරුනේ කවුරුන් හෝ වීදුරුවකට තට්ටු කරන ශබිදයක් ඇහිල. මම හිතුවා කවුරුහරි හදිසියකට කතාකරන්න මගේ ජනේලයට තට්ටු කරන්න ඇති කියල,,ටික වෙලාවකින් ඒ සද්දේ ආයයෙත් ආවා,මම ටිකක් විපරමි කරල බැලුව කලුවරේම ඒත් ඇත්තටම ඒ සද්දේ ආවේ මගේ කාමරෙයේ තියෙන පරණ කන්නාඩිය ඇතුලෙන් .

එක්තරා පාලු නිවසක ජීවත්වුනා අම්මෙක් සහ මරීයා කියල දුවෙක් .මේ කලුවර ගෙදර හිටියේ මේ දෙන්නා විතරයි .ඉහල මාලේ කාමරේ ඉන්න මරීයට දවසක් ඇහුනා අමිම පහල තට්ටුවේ ඉදන් ඇයට කතා කරනවා. ඇය යන්න හදනකොටම දොරලග හිටපු අම්ම ඇයව අල්ලගේන කාමරේට අරන් දොර වහගත්ත. අමිම ඇයට කිවුව ''ඒක මටත් ඇහුනා මරීයා''.

පාලු නිම්නයේ පේද්රෝ ගගේ එක ඉවුරක් වසාගෙන පැතිරුන විලෝ ගස යට එක හැන්දෑවක මමත් ඇයත් ඉදගෙන හිටිය. එක වරම ඇය මගෙන් ඇහුව ඇයි ඔය තරමි අමුතු විිදිහට හුස්ම ගන්නේ කියල.
ඒත් ඒ මම නෙවේ කියල මම ඇයට නොකිය ඇයත් එක්ක ඉක්මනටම ගෙදර ආවා.

මම හිතුව මගේ පුසාට නිතරම බඩගිනි වෙන ප්‍රශ්ණයක් ඇති කියල .මොකද වු හැම තිස්සේම මගේ මුහුන දිහා බලාගෙන හිටිය නිසා ,ටික කලක් යද්දියි මට තේරුනේ ඌ ඇත්තටම බලාගේන හිටියේ මගේ මුහුනු දිහා නෙවේ මට පිටුපසින් තියෙන යමි දෙයක් දිහා කියල.

මගේ අලුත උපන් බබා ලග තියෙල තිබුන බේබි මොනිටරයෙන් මට ඇහුනා ඔහු ඇහැරිල හඩන ශබ්දය. මම නැගිටල යන්න ඔහු ලගට යන්න හදනකොටම මට එහා පැත්තේන් හිටපු මගේ බිරිද ඇහැරිලා මා දිහා බලාගෙන හිටියා .




No comments:

Post a Comment