04 May 2017

මගේ ඡායාරූප විකෘතිකරණයේ කලාව (My Photo Mutilation)

මේ කුඩා සටහන ලිවීමට සිත්වුයේ පසු ගිය දිනෙක රසිකලොජි බ්ලොගය ලියන රසික සූරියආරච්ච්මහතා විසින් සිය බ්ලොගයේ සටහන් තබන ලද ලිපියක් කියැවීමෙන් පසු මතක් වු සිදුවීමක් මුල්කරගෙනයි. ඒහිදි ඔහු විවිධ හේතුන් මත මතභේදයට තුඩු දුන් කලාකෘති කිහිපයක් හදුන්වා දී තිබු අතරම මුවිදු බිනෝයි නම් වු ග්‍රැෆික් නිර්මාණ ශිල්පියා පිලිබදවත් ඔහු විසින් නිර්මාණය කර අන්තර්ජාලයට නිකුත් කරන ලද නිර්මාණ වලට (ඔහුගේ ෆේස්බුක් ගිනුමට) සබැදියක්ද ලබා දී තිබුනි .එයට පින්සිදු වන්නට වෙනස් මානයකින් සිතන අපේ නිර්මාණ කරුවෙකුගේ නිර්මාණ කිහිපයක් විදගැනීමටද අවස්තාව ලැබුනි. 

මීට වසර කිහිපයට පෙර ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන් Photo mutilation නැතහොත් ජායාරූප විකෘති කරණය කරනු ලැබුවේ  අපහාසයට හෝ උපහාසයටයි .නමුත් පසුකාලීනව මේ ජායාරූප විකෘතිකරණය කලාවක් වශයෙන් දියුන වන්නට පටන්ගත්තේ සාමාන්‍ය ඡායාරූප වලින් ප්‍රකාශ කෙරෙන හැගීමට වඩා ගැඹුරු තේමාවන් ඒ තුලින් ඉදිරිපත් කිරීමට හැකිවීම නිසයි ( පහත පින්තුරය බලන්න) .

කෙසේ නමුත් මට මේ හරහා මතක් වු දේ නම් වර්ශ 2004 දී පමණ මා විසින් කරන ලද ජායාරූප විකෘතිකරනයකි. ඒකල මා පාසලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවෙක් වු අතර ඒ වන විටත් මා පරිඝනක ක්‍රියාකරවීම හදාරා තිබු නමුත් ග්‍රැෆික් නිර්මණයක් කරගැනීමට තරමි දැනුමක් අහලකවත් නොතිබු බැවින් මා විසින් කරන ලද මෙම ඡායාරූප විකෘතිකරණය සම්පුර්ණයෙන්ම පාහේ කතුරු මගින් කපන ලද පින්තුර එක්කාසු කර ඒවා ගම්වලින් අලවන ලද එකක් විය. මගේ මේ මැනුවල් ෆොටෝ මියුටිලේශන් ක්‍රමයෙන් අවසානයේ මට සුරුපී කතක් අත් දහයකින් යුතු මුවෙන් ලේ පෙරෙන කාලිමෑනියෙක් බවට පත්කීරිමට හැකිවුන අතරම එය බොහෝ දෙනෙකුගේ දෝශ දර්ශනයටද ලක්විය.කෙසේ නමුත් මුවිදු බිනෝයි ශිල්පියාට නම් තවත් මෙැවනි නිර්මාණ කිරීමට හැකියාව ලැබේයැයි මගේ පැතුමයි.




No comments:

Post a Comment