05 May 2017

තුන්වෙනි ග්‍රහලොවේ අභිරහස (Mystery of the third planet)

කලකට පෙර එනමි වර්ශ 2002 දි පමණ මා පාසල් දරුවෙකු ලෙස 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින කාලයේදී මගේ මතකයේ හැටියට ස්වර්ණවාහිනී නාලිකාවේ ඉතා අපුරු කාටුන් චිත්‍රපටයක් ප්‍රදර්ශනය විය. මෙය චිත්‍රපටයක උවත් විනාඩ් 45 ක පමන කාලයක් ඔස්සේ ධාවනය වු ඉතා අපුරු කතාන්දරයකි. ඒ කාලයේදී මා ගවේශණය කිරීමට ඉතා ප්‍රියතම විශයක් වු තාරකා විද්‍යාවත් මගේ පොත් ගොන්න අතර ඉතා අාඩමිබරයෙන් මා තබාගෙන සිටි ආචාර්‍ය ආතර් සී ක්ලාක්ගේ අනාගත ආශ්චර්‍යන් නම් වු විද්‍යා කෘතියත් නිරන්තරයෙන්මා කුතුහලය දන්වන දේ වලට ආකර්ශනය කරනු ලැබීය. 

සැබැවින්ම මේ කාටුන් චිත්‍රපටය ඇසිපිය නොහෙලා බලා සිටීමටත් පසු කාලීනව එය සොයා නැවත බැලීමට තරම් තල්ලුවක් වුයේ ඒ කුතුහලයයි .මේ කතාව පුරා ගලායන්නේ එක්තරා පියෙක් සහ දියනියක් වෙනත් ග්‍රහලෝකයකට ගොස් එහි සිටින ඉතා අපුරු ජීවින් හමුවෙන ආකාරයයි. බෙන්ටෙන් කාටුන් හෝ ඉන්ටර්නෙට් නොතිබු යුගයක එය ළමුන්ට මහාර්ඝ වු නිර්මාණයක් වු බව කිවයුුතුය.  ඒයට මා කොයිතරම් ප්‍රියකලත් එය නැවත විකාශය වුයේ නැත නැරඹ්මට අන්මගක් නොතිබු බැවින් එය මතකයක් ලෙසම මා තබාගත්තෙම්.

පසුගිය දිනෙක මා මේ කාටුන් චිත්‍රපටය ගැන සෙවීමට ගුගල් සෙවුමි යන්ත්‍රයේ විවිධ කීවර්ඩ්ස් යොදමින් සර්ච් කල නමුත් මට එ් පිලිබද හෝඩුවාවවක් හෝ සොයාගැනීමට නොහැකි වුයේ එම කාටුන් පෙලෙහි නම හෝ මා නොදැන සිටි නිසාය. අවසානයේ මට Cartoon catalog නම් ලයිස්තුවක තිබී මෙම කතාව පිලිබද තොරතුරු හමුවිය .

මෙය  The Mystery of the Third Planet නමින් 1981 දී විකාශය වුවක් වුන අතර රුසියානු රටේ නිර්මාණයකි. එය එකල තිබු සජීවිකරන චිත්‍රපට අතරින් ඉතා විශිෂ්ඨ නිර්මාණයක් ලෙස නිර්දේශ වුවකි. කෙසේ හෝ Youtube වෙබ් අඩවියේ දමා තිබු මුලු කතාවම මා නැවත බලා මගේ කුඩාකල ආශාවක් නැවත ඉටුකරගත්තෙම් .බෙන්ටෙන් පිටසක්වල සමග දාන ඩීල් බලනවාට වඩා එකල උවද මෙවැන්නක් බැලීම හිතට කොයි තරම් සනීපයක් දැයි සිතුනි.   


No comments:

Post a Comment