21 May 2017

මා මිලට ගත් රෙකෝඩර් නලාව (Story of Descant recorder)

සංගීත භාන්ඩයක් වාදනය කිරිමට හුරුවීමේ ආශාව මා තුල බොහෝ කලක් තිබුනත් බොහෝ වෙනත් හේතුසාධක රාශියක් මත එවැන්නක් පිලිබදව ඉගෙනීමට අවස්ථාවක් නොලැබුනි. විඩාබර රැකියාව නිසා මහන්සියෙන් හෝ තෙහෙටිටුවෙන් ගෙවෙන දින පහත් හුදෙකලාවෙන් ගෙවෙන සති අන්තයත් නිසා කිනමි හෝ විනෝදාංශයකට හුරුවීම ඉතා යහපත් යැයි මට විටක සිතුනි .පසුගිය කාලය පුරාම චිත්‍රපට නැරඹිමට ඇබිබැහිවීමත් නිසා දැනට භාවිතා කරන CRT රූපවාහිිනිය පසෙකලා තරමක් ලොකු ප්‍රමාණයක LED රෑපවාහිිනයක් මිලට ගැනීමේ අපේෂවෙන් මම සිංගර් ශ්‍රි ලංකා ආයතනයේ ඔන්ලයින් අන්තර්ජාල වෙලදපලට පිවිසුනේ එැවන්නක මිල ගනන් විමසීමටයි .නමුත් එහි තිබු රෑපවාහිනි යන්ත්‍රවල මිල ගනන් සහ මා සතුව තිබු ණයකාඩිපතේ සීමාවන් සහ ඉදිරි අවස්ථා (Offers) ගැන සිතා මම රූපවාහිනිය මිලට ගැනීමේ කටයුත්ත මදක් පස්සට දැමීය .

එසේ විවිධ කැටගරි යටතේ තිබෙන භාන්ඩ නරඹමින් ඔවුන්ගේ වෙබි අඩවියේ මදක් සැරිසැරූ මට අහමිබයෙන් මෙන් Music category නමි ප්‍රබෙිධයට පිවිසෙන්නට ලැබුනි. විවිධ ආකාරයේ ගිටාර් සහ වෙනත් සංගීත උපකරණ රාශියක් අතරින් ඒ සැනින් මගේ සිත ඇදි ගියේ එහි තිබු එක්තරා ආකාරයක සුසිර ගණයේ සංගීත භාන්ඩයකටයි .කලක් මගේ ප්‍රියතම වැඩසටහනක් වු Dell studio වැඩසටහනක මා ඉතා ප්‍රියකරන කසුන් කල්හාර සහභාගි වුන වැඩසටහනක් විය .ඔහුගේ ඉතා ජනප්‍රිය ගීතයක් වුන මල් මිටක් තියන්න යන ගීතයේ වැයෙන වයලීන් කන්ඩය වෙනුවට ඔවුන් එයට භාවිත කර තිබුනේද මෙම සංගීත භාන්ඩයේ හඩමය.

Descant recorder නමි වු මෙම සංගීත භාන්ඩය මිලෙන්ද ඉතා අඩුවු බැවින් එය මිලට ගැනීමට මට සිත්විය. ඇනවුමි කිරීමට පෙර එම සංගීත භෘන්ඩය ගැනත් වාදනය කරන ආකාරය ගැනත් යුටියුබය හරහා විඩියෝ ක්ලිප් කිහිපක් බැලුවෙමි සැබැවින්ම ඉමිහිරි නාදයක් නිකුත් කරන මෙම සංගීත භාන්ඩය 14 වන සියවසේ පමණ සිට බොහෝ යුරෝපා රටවල් වල නිරන්තර භාවිතා කරන ලද එකකි .දිගින් අඩියකට මදක් වැඩිවන ශබිධය පිටවීමට ඉපියක් සහිත මෙන්ම ස්වර පිහිටුවීම සදහා සිදුරු 8 ක්ද එහි විය .ටික දිනක් නොඉවසිල්ලෙන් බලා සිටිමට මට සිදුවු නමුත්ඇවනුමි කිරිමෙන් හරියටම දින 7 කට පසු මට එය Certice Lanka භාන්ඩ ප්‍රවාහන සේවය හරහා නිවසටම ලැබුනි.ඇනවුමි කර ගෙන්වා ගැනීමටත් වඩා එවැන්නක් වාදනය කිරීමට හුරුවීම අපහසු කටයුත්තක් බැවින් මේ ගැන ලියවුනු ලිපි කිහිපයක් හා පාඩමි මාලා (tutorial) කිහිපයක්ද මා ඩවුන්ලෝඩි කරගෙන පලමු පියවර තැබුවෙමි.

(Repost)






No comments:

Post a Comment