12 May 2017

නාගරික සිතුවම් කලාව නොහොත් Urban sketching

මම පෞද්ගලිකව කොහොමත් සිත්  නිවන කලාවන්ට ලැදි අයෙක් නිසා අන්තර්ජාලය තුලින් Crafts (අත්වැඩ), ගෙවතු අලංකරණය, විසිතුරු පැල වැවීම වැනි මාතෘකා ඔස්සේ ඇති විවිධ ලිපි නිතර සෙවීමත් වෙලාවක් ලද හැම විටකම එවැන්නක නිරතවීමටද උත්සහකරන අයෙක්. පසුගිය දිනවල මගේ අවධානයට යොමු වී තිබුනේ කාටුන් චිත්‍ර ඇදීම කෙරෙහිය .අන්තර්ජාලය ඔස්සේ මේ ගැන ලියැවුන ලිපි ගනනාවක් අධ්‍යයනය කිරීිමෙන් පසු කරන ලද  අසාර්ථක උත්සහයන් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස කාටුන ඇදීමේ අදහස සිතින් අත්හැර ගත්තෙමි. කෙසේ නමුත් මේ ලිපි සොයන අතරතුර වැඩි දෙනෙක් අවධානය යොමු නොකරණ ඉතා අකාර්ශණීය සිතුවමි කලාවක් පිලිබදව මට දැනගැනීමට හැකිවිය. ඒවා ඕනැම කෙනෙකුට නිදහස් අතින් ඇදිය හැකි සරල සහ වක්‍ර රේඛාත් කටු ගෑමි වලිනුත් සමන්විත විය. එමෙන්ම එවැනි චිත්‍ර රාශියක්ද මට අන්තර්ජාලය තුලින් දැකගැනීමට හැකිවිය.

එ ලිපිබද කියැවීමේදි මට දැනගැනීමට ලැබුනේ එම නිර්මාණ සෑම එකක්ම පාහේ විවිධ තුඩ ප්‍රමාණයන්ගෙන් යුතු පෑන් වර්ග වලින් අදින එවා බවයි. එපමණක් නොව එය විදේශ රටවල විශේෂයෙන්ම තරුණ පරපුරේ අය විනෝදාංශයක් ලෙස කරන කටයුත්තක්ද බවයි .මෙම කලාව නමින් Urban Sketching ලෙස හදුන්වයි Urban යන්නෙහි අරුත නාගරික යන්නයි Sketching යනු සරල සටහනන් ඇදීමයි .මෙම Urban Sketching නැතහොත් නාගරික චිත්‍රකලාව කිසිලෙසකත් සංකීර්ණ මිනිස් හැගීමි විදහා දැක්වෙන චිත්‍ර ඇදීමට භාවිතයට ගැනීමට නොහැකිය .වචනයේ අර්ථයෙන්ම මෙයින් කල හැකි වන්නේ අවට පරිසරයේ විවිධ කොටස් සහ බාහිර මිනිස් හැසිරීමි කලාත්මකව සිතුවමට නැගීමයි. මේවායිනුත් බොහෝමයක් චිත්‍ර විවිධ රටවල නගර සහ ගොඩනැගිලි ඇදීමට භාවීතාකරන බව මා ඒ පිලිබදව කියැවු ලිපි වල සදහන් විය .

ඒ Urban Sketching වල කතාවයි. ඒ කතාව එසේ නමුත් එවැනි චිත්‍ර ඇදිමේ ආශාවක් බොහෝ කලක් තිස්සේ මගේ හිතේ නලියමින් තිබුනකි. මීට වසරකට පමණ පෙර මා කිසිදු දැනුමකින් තොරව ඇන්ද එවන් කටුබොටු චිත්‍රයක් පිලිබදව ලිපියක්ද මෙහි දැමීය. කෙසේ නමුත් වසරකට පසුව මා දැන් එම කලාවෙන් මුල් අවධියට වඩා තරමක් දුරට සංවර්ධනය වි ඇති බව සතුටින් කිව හැකිය. නිකම්ම නිකං කලුපෑනකින් Sketch ඇන්ද මට එය වඩා සාර්ථකව කල හැක්කේ Gel පෑනකින් බව ප්‍රත්‍යක්ශ විමත් සමග මම අදින ස්කෙච් වල තිබු ලදරු භාවය තරමක් දුරට අඩුවි යමින් තිබෙනු බව පෙනුනි. එයට ලොකු තුඩක් ඇති කලු සහ අලු ප්ලැටිග්නමි පෑන්ද පසුව මා එක් කරගත් පසු ඒවා මා ඇන්ද ඒවාද යන්නත් පිලිබදව මට සැකයක් ඇතිවිය .

මෙවන් නිර්මාණ පලපුරුදු චිත්‍රශිල්පියකුට හෝ මේ පිලිබද උගත් අයකුට ඉතා පහසුවෙන් කල හැකි දෙයක් විය හැකි උවත් එය මට ඉතා වටින්නේ මා ඒ පිලිබදව මෙලෝ හසරක් නොදැන කාට නැතත් මටම තෘප්තිමත් විය හැකි තරමේ නිර්මාණ දැන් මටම කරගත හැකි මටිටමක සිටින නිසාය .තව ඉගෙනීමට ඇති දේවල්ද බොහෝය.  තවත් දෙයක් කිව යුතුය. මේ කලාව ඉගෙනීමට මහ ලොකුවට අත්හුරු කර ගත යුතු නැත තමන් නිදහසේ ඉන්න වෙලාවට ජෙල් පෑනක් එක්ක කඩදාසියක් අරන් තමන් ඉන්න පරිසරයේ Sketch එකක් අදින්න උත්සහ කරන්න. එතකොට තමන්ට තේරෙනවා එතන ජායාරූපයක් අරන පස්සෙ බලනවට වඩා කොයිතරමි තෘප්තියක් ලැබෙනවද කියල .මේ පහල තියෙන්නේ ඒ වගේ නිර්මාණ තමයි.

(මෙය මා විසින්  දැනට භාවිතයේ නොමැති මගේ වෙනත් බ්ලොග් අඩවියක මිට වසර එක හමාරකට පමන පෙර තබන ලද සටහනකි Re-post හින්දා කමා කරනු මැන)









6 comments:

  1. ස්තූතියි. උත්සාහයක් කරලා බලන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. Atlas chooty ජෙල් පෑන තමා මේකට හරියටම හරියන පෑන.
      ඉන්ටර්නෙට් එකේ උනත් හරියටම පිලිවෙලකට ඉගෙනගන්න කියල තැනක් හෙයාගන්න අමාරුයි,අනිත් අය ඇදපුව බලල තමයි ටෙක්නික් අල්ල ගන්න වෙන්නෙ .

      Delete
  2. Replies
    1. ප්‍රතිචාරයට ස්තුති ඉයන්

      Delete
  3. චිත්‍ර නන් අම්මෝ.... දවසක් මගේ සකලවිධ වැඩ කෑලි දාලා මිනිහෙක්ව ඇන්දා... ඉස්කෝලෙ සර්ට මේක පෙන්නුවම ඌ කියාපි "මම පිටසක්වල ජීවියෙක්ව නෙමේනෙ අදින්න කිව්වෙ" කියලා... මගෙ චිත්‍ර හැකියාව තේරෙනවනේ ඉතින්...

    ReplyDelete
    Replies
    1. මගෙත් ඉතින් ලොකු වෙනසක් නෑ....
      කොහොම උනත් ගොක් ස්තුතියි ඩියෝන්. මගේ ලිිපි කිහිපයක්ම කියවල ප්‍රතිචාර දක්වල තිබුනා ඔබ

      Delete